3.3 C
New York

මහනුවර පොළොව ඊයේ යළි තෙවරක් සෙළවෙයි

Published:

වික්ටෝරියා ජාලාශයේ සවිකර ඇති භූ කම්පන මාපකයේ ඊයේ සවස 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලයේ දී සුළු භූ කම්පන තුනක් සටහන්ව ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

එම භූ කම්පන තුනම රිච්ටර් මාපකයේ ඒකක 02ට අඩුවෙන් සටහන්ව ඇත. මෙම භූ කම්පන මහනුවර දිගන ආශ්‍රිතව සිදුව ඇති බව ද වාර්තාවෙයි. පසුගිය මාසයක පමණ කාලයක සිට වරින් වර දිගන ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර ඒ පිළිබඳ රජය විසින පත්කරන ලද විශේෂ කමිටුව සිය වාර්තාව මගින් දැනුම් දී තිබුණේ භූ කම්පන සිදුවීම පිළිබඳ දිර්ඝකාලීන හා ගැඹුරු අධ්‍යයනයක් සිදුකළ යුතු බවයි.

Related articles

Recent articles

spot_img