3.3 C
New York

උඩවත්ත කැලේ රිලවුන් මැරුණේ කොරෝනා නිසා නොවේ විෂකින්

Published:

මහනුවර නගරයේ පිහිටා ඇති උඩවත්ත කැලේ වන රක්ෂිතයේ රිලවුන් කිහිප දෙනකු මියගොස් ඇත්තේ කොරෝනාවලින් නොවන බවත් කිසියම් පිරිසක් විසින් විෂ සහිත ආහාර ලබාදීමෙන් විය හැකියැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශය පවසයි

රලවුන් කිහිප දෙනකු හදිසියේ මියයාම කොරෝනා වයිරසය හේතුවෙන් සිදුවූවක් විය හැකියැයි ඇති වූ සැකයක් හේතුවෙන් මියගොස් සිටි රිලවකුගෙන් ජෛව සාම්පල රැගෙන පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබිණි.

එහි ප්‍රතිඵලවලින් හෙළි වූයේ එම මියගිය රිලවාට කොරෝනා ආසාදනය වී නොමැති බවයි.

උඩරට රාජධානි කාලයේ දී තහංචි කැලේ ලෙස හැඳින්වූ උඩවත්ත කැලේ පසුව ඉංග්‍රීසි පාලකයන් විසින් ආරක්ෂාව සඳහා සම්පූර්ණයෙන් ම එළි පෙහෙළි කර දමනු ලැබීය. මේ වනවිට උඩවත්ත කැලේ ඇත්තේ පසුව කරන ලද වන වගාවකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාධි විද්‍යාඥ කවින්ද විජේසුන්දර ප්‍රකාශ කළේ රිලවුන් විෂ ශරීර ගතවීමෙන් මියගොස් ඇතත් විෂ වර්ගය හඳුනාගෙන නොමැති බවයි. එම කාර්යය නගර සභාවට පැවරූ බව ද හෙතෙම කීවේය.

වැඩිදුර පරීක්ෂණ සඳහා එම රිලවාගේ පටක සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යවා තිබේ. මැකාකා සිනිකා ලෙස හැඳින්වෙන මෙම රිලවුන් විශේෂය ශ්‍රී ලංකාවට ආවේණිකය.

Related articles

Recent articles

spot_img