ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස බල ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බැවින් ඊයේ සීමිත සංචරණ සීමා පැනවූව ද අද (06) උදෑසන ගාල්ලේ සංචරණ සීමා යෙදවූ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල ඇතැම් ස්ථාන කාර්ය බහුලව තිබෙනු දක්නට ලැබිණි.
සීමිත සංචරණ සීමා පැනවීමත් සමඟ ගාල්ල මූලස්ථාන පොලිසිය විසින් ප්‍රචාරක රථ යොදා ජනතාව දැනුම්වත් කිරීම ඊයේ රාත්‍රියේ ම සිදුකළ අතර එහි ප්‍රචාරය කළේ තම නිවෙස්වලට කිසිදු පිටස්තර පුද්ගලයකු ගෙන්වා නොගන්නා ලෙසයි. එමෙන්ම අත්‍යාවශ්‍යම කරුණකට හැර කිසිම අවස්ථාවක නිවසින් බැහරව නොයන ලෙස ද දැනුම් දෙන ලදී. එහි දී ලබාදුන් උපදෙස් අතර ඉතාමත් වැදගත් කරුණුක වූයේ අත්‍යාවශ්‍ය කරුණකට වුව ද නිවසින් බැහැරව යන්නේ නම් ඒ පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් හා ආරක්ෂක අංශ දැනුම්වත් කළ යුතු බවයි.
නමුත් එවැනි උපදෙස් එම ප්‍රදේශයේ පදිංචි ජනතාව විසින් අනුගමනය කරන බවක් දක්නට ලැබුණේ නැත.
ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් පහක කොරෝනා වසංගතය පැතිරයාම පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන්ට පීසීආර් පරික්ෂණ සිදුකර එහි ප්‍රතිඵල ලැබෙන තුරු ප්‍රදේශය හුදකලා කරන ලෙස ගාල්ල දිසත්‍රික් වසංගත රෝග වේදඥ වෙනුර සිංගාරච්චි විසින් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටිය ද අවසානයේ සිදුවූයේ සීමිත සංචරණ සීමා පනවන බවට තීරණය කර පොලිසිය මගින් දැනුම්වත් කිරීම පමණි.
සෞඛ්‍ය අංශ ඉල්ලීම එසේ තිබිය දී දේශපාලන අධිකාරිය ජනතාවට උපදෙස් දී ඔවුන් කෙරෙහි විශ්වාසය පළකිරීමට තීරණය කර තිබිණි. නමුත් අද උදෑසන ඒ උපදෙස් කිසිම අයුරකින් පිළිගෙන නොමැති බව එම ප්‍රදේශවල පැහැදිලිව දක්නට ලැබිණි. මේ ඡායාරූප අප වෙත එවා ඇත්තේ ප්‍රදේශයේ පදිංචි අප පාඨකයන් විසිනි. ඔවුන් පවසන්නේ අත්‍යාවශ්‍ය හා අත්‍යාවශ්‍ය නොවන වෙළෙඳ සැල් පවා මේ ප්‍රදේශයේ විවෘතව පැවති බවයි. එමෙන්ම කිසිදු සීමාවකින් තොරව ජනතාව තම හිතුමතයේ සංචරණයේ යෙදෙන බව ද ඔවුහු කියති.