3.3 C
New York

ඇමතිවරු වාහන අර්බුදයකට මැදිවෙලා

Published:

කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනකු සහ රාජ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු තමන්ට නිල වාහන මෙතෙක් ලැබී නැතැයි රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව විවිධ අමාත්‍යාංශවල සංචිතවල ඇති වාහන පිලිබඳ සොයා බලා ඒවා ඔවුන්ට ලබාදීමට යෝජනා වී ඇත.

පසුගිය 2019 දෙසැම්බර් 02 දා නිකුත් කළ චක්‍රලේඛයට අනුව කැබිනට් ඇමතිවරයකුට හෝ රාජ්‍ය ඇමතිවරයකුට ලබාදිය යුතු උපරිම නිල වාහන ගණන තුනකි. අදාල අමාත්‍යාංශවලින් නිල වාහන ලැබී නොමැති ඇමතිවරු කිහිප දෙනකු ඔවුන් කලින් ඇමිත ධූර දැරූ අමාත්‍යාංශවල නිල වාහන මෙතෙක් භාවිතා කරන බව ද හෙළි වී ඇත.

නිල වාහන මෙතෙක් ලැබී නැති කැබිනට් ඇමතිවරුන්ට හා රාජ්‍ය ඇමතිවරුන්ට  අලුතින් වාහන නොගෙන අමාත්‍යාංශවල හා ඊට අයත ආයතනවල සංචිත ලෙස පවතින වාහන ලබාදීමේ වැඩපිළිවෙල් අගමැති මහින්ද රාජපක්ෂ විසින් යෝජනා කර ඇති බව ද දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img