spot_img
spot_imgspot_img

කොරෝනා මරණ 137 දක්වා ඉහළට

පුවත්

විදෙස්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා මරණ 07ක තොරතුරු අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ලබා දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව විසින් ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව බණ්ඩාරගම පදිංචි 91 හැවිරිදි පිරිමි පුද්ගලයකු දෙසැම්බර් 03 දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය සමඟ ඇතිවූ හෘද රෝගයකි.

බන්ධනාගාර රැඳවූවෙක් වන 53 හැවිරිදි පිරිමි පුද්ගලයකු දෙසැම්බර් මස 01 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා හේතුවෙන් ඇති වූ නිව්මෝනියා තත්ත්වයකි.

දෙමටගොඩ පදිංචි 56 හැවිරිදි කාන්තාක් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී දෙසැම්බර් 04 වැනි දා මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා සමඟ ඇති වූ නිව්මෝනියාවයි.

බණ්ඩාරගම පදිංචි 81 හැවිරිදි කාන්තාවක් නොවැම්බර් 28 වැනි දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ ඇති වූ උග්‍ර වූ පෙනහළු රෝගී තත්ත්වයක් හා හෘද රොගයකි

කොළඹ 13 පදිංචි 84 හැවිරිදි කාන්තාවක් 04 වැනි දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවකු වන 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බන්ධනාගාර රෝහලේ දී දෙසැම්බර් 02 වැනි දා මියගොස් ඇත මරණයට හේතුව කොරෝනා හේතුවෙන් ඇති වූ නිව්මෝනියා තත්ත්වයකි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ දී අද (05) මියගොස් ඇත. මරණයට හේතුව දියවැඩියාව, අධි රුධිර පීඩනය සමඟ කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් ඇති වූ බහු ඉන්ද්‍රීය අක්‍රීය වීමකි.

මේ මරණ 07 සමඟින් ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!