spot_img
spot_imgspot_img

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05කට ලැබුණු සෞඛ්‍ය උපදෙස්

පුවත්

විදෙස්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් වාර්තාවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව, මිලිද්දුව හා තලාපිටිය ග්‍රාම නිලධාරීවසම් සංචරණ සීමා කිරීමට අද (05) පස්වරුවේ සෞඛ්‍ය අංශ තීරණය කර තිබිණි.

එම තීරණය සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවැති අතර මේ වනවිට සෞඛ්‍ය අංශවලින් ලැබී ඇති උපදෙස් අනුව ගාල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වාගේ මෙහෙයවීමෙන් ජනතාව දැනුම්වත් කිරීමේ ප්‍රචාරක වැඩටහනක් ක්‍රියාත්මක කර ඇත.

එහි සඳහන් වන්නේ කොරෝනා ආසාදිතයන් වැඩිපුර වාර්තාවන බැවින් පිටස්තර පුද්ගලයන් තම නිවෙස්වලට කැඳවීමෙන් වැළකී සිටින ලෙසයි. එමෙන්ම නිවාසවලින් බැහරවීම හා අත්‍යාවශ්‍ය කටයුත්තකට පිටතට යන්නේ නම් සෞඛ්‍ය බලධාරීන් හා ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙස එම උපදෙස්වලින් කියවෙයි.

එමෙන් ම හෙට (06) දිනයේ එම ප්‍රදේශවල පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙන බවත් එම පරීක්ෂණ පැවැත්වෙන ස්ථාන පිළිබඳවත් දැනුම්වත් කිරීම කරනු ලැබේ. ඒ අනුව පහත සඳහන් ස්ථානයන්හි ඉහත සඳහන් කරඇති ග්‍රාමසේවා වසම්වල පදිංචිකරුවන් සඳහා පීසීආර් පරික්ෂණ පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අංශ හා ගාල්ල මූලස්ථාන පොලිසිය දන්වා සිටියි.

  1. දේද්දුගොඩ මාර්ගයඅවසානයේ ඇති පෙර පාසල අසළ
  2. කනම්පිටිය පල්ලිය අසළ
  3. සරෙන්තුකඩේ ඉන්දියන් හට් භූමිය ඉදිරිපිට
  4. ඇත්තිලිගොඩ ජමාලියා මුස්ලිම් පල්ලිය අසළ
  5. මකුළුව පල්ලිය අසළ ඩිඩීගේ වත්ත

කොරෝනා වසංගතය හමුවේ තමන් සහ තම පවුලේ අයත් අසල්වැසියනුත් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය අංශවලටත් පොලිසියටත් සහය දෙන ලෙස ද මෙම ප්‍රචාරක රථය ජනතාවට දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!