-1 C
New York

ගාල්ලේ සංචාරක සීමා පනවන බව සෞඛ්‍ය අංශ කීවත් එවැනි තීරණයක් තවම නෑ

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා සීමා සහිත සංචරණ සීමා පනවන බව සෞඛ්‍ය අංශ කීව ද නිල වශයෙන් අද (05) රාත්‍රී 7.00 වන තුරුම එවැනි සීමා පැනවීමක් සිදුව නැත.

ගාල්ල දිස්ත්‍රික් වසංත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි අද සවස මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා මෙලෙස සීමා සහිත සංචාරක සීමා පනවා හෙට දිනයේ පීසීආර් පරීක්ෂණ 1,000ක් සිදුකරන බවයි. ඒ පිළිබඳ සියළු මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ද ලැබිණි.

සෞඛ්‍ය අංශවල අනිකුත් නිලධාරීන් ද මෙම තොරතුරු තහවුරු කරමින් සීමා සහිත සංචාරක සීමා පනවන බව තහවුරු කළේය. නමුත් ඒ පිළිබඳ තීරණය ගැනීමේ රැස්වීමේ දී ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ පවසා ඇත්තේ තමන්ට එවැනි තීරණයක් ගත නොහැකි බවයි. සෞඛ්‍ය අංශවල මෙම ඉල්ලීම පිළිබඳ කොළඹ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයට හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට දැනුම් දී ඇතත් මේ දක්වාම අවසන් තීරණයක් ලැබී නැත.

සීමා සහිත සංචාරක සීමා පැනවීමට නියමිතව තිබූ තලාපිටිය, ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව හා මිලිද්දුව ග්‍රාම නිලධාරී වසම් සඳහා තවමත් කිසිදු සීමා කිරීමක් සිදුව නැත.

Related articles

Recent articles

spot_img