5.4 C
New York

බද්දේගම පාසල් සිසුවිය කොළඹ IDH රෝහලට

Published:

ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක් කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහල් ප්‍රකාශකයකු කීවේය.

ඇය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මාවඩවිල ග්‍රාම නිලධාරී වසමේ පදිංචිකාරියකි.

මෙම ශිෂ්‍යාව පසුගිය 25 වැනි දින විදුහලට ගොස් ඇති බවත් ඉන් පසු උදරයේ ඇතිවූ වේදනාවකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රත්ගම වෛද්‍යවරුන් දෙදෙනකු හමුවී ඇති බවත් අනාවරණය වී ඇත. ඉන් පසු ගාල්ල කරාපිටියේ පුද්ගලික රෝහලකට පසුගිය 02 දා පැමිණ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ඇති අතර ඉන් පසු ස්කෑන් පරීක්ෂණයක් ද සිදුකර ඇත.

ඇගේ උදරයේ වේදනාව හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති අතර ඊයේ (03) රාත්‍රී පීසීආර් පරීක්ෂණයක් සඳහා ජෛව සාම්පල ගත් බවත් අද සවස එහි ප්‍රතිඵල අනුව ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ශිෂ්‍යාවට කොරෝනා ආසාදනය වූ ආකාරය පිළිබඳ කිසිදු පැහැදිලි මූලාශ්‍රයක් නොමැති බව සෞඛ්‍ය අංශ පැවසීය. ඒ අනුව පාසලේ දී ඇය හා සම්බන්ධ වූ අනිකුත් ශිෂ්‍යාවන් පිළිබඳව ද ස‌ොයා බැලීමට කටයුතු කර ඇත. පාසලේ ඇය හා සමීප වූ ශිෂ්‍යාවන් හා ගුරුවරුන් ද ප්‍ර්‍රතිකාර ලබාගත් ස්ථානවල වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩල ද නිරෝධායනයට කිරීමට දැනටමත් පියවර ගෙන තිබේ. පාසල විෂබීජහරණය කරීමට ද සැළසුම් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

රෝහල් ආරංචිමාර්ග පවසන්නේ මෙම ශිෂ්‍යාව කොළඹ අයිඩීඑච් රෝහලට යොමුකරන බවයි.

Related articles

Recent articles

spot_img