කොරෝනා තුරන් කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස ලෙසත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් ඉල්ලා සමස්ථ ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය අද (04) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී උද්ඝෝෂණක නිරතවූහ. මේ සඳහා වෛද්‍යවරු, හෙද හෙදියන් හා අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ රැසක් එක්ව සිටියහ.
සමස්ථ ලංකා සුව සේවා සංගමය, සමස්ථ ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය හා සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සමිති එක්වී සමස්ථ ලංකා සෞඛය වෘත්තීය සමිති සම්මේලනය ඒකාබද්ධ සංවිධානයක් ලෙස ගොඩනගා ඇත. එම සම්මේලනය පවසන්නේ කොරෝනා මර්ධනය කිරීම සඳහා රජයට නිශ්චිත විද්‍යාත්මක වැඩපිළිවෙලක් නොමැති බවයි. එමෙන්ම සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.
රෝගී සත්කාරක සේවා සඳහා සෘජුව දායකවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් ඇතුළු සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබාදීම ඉතා අවම මට්ටමක පවතින බැවින් සියලු කාර්ය මණ්ඩල ආනාරක්ෂිත තත්ත්වයකට පත්ව සිටින බව ද ඔවුහු පෙන්වා දෙති.