5.4 C
New York

සිරුර රජයේ වියදමින් ආදාහනය කරන්න යැයි නියෝගයක්. ඥාතීන් මරණ සහතිකයත් එපා කියයි

Published:

පේරාදේණිය රෝහලේ දී මියගොස් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයාගේ මළ සිරුර හිමිකම් නොකියන මෘත ශරීරයක ලෙස සළකා නොපමාව රජයේ වියදමින් මහයියාව පොදු ආදාහනාගාරයේ දී ආදාහනය කරන ලෙස පේරාදෙණිය මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් උභයනාත් ජයවර්ධන විසින් රෝහල් අධ්‍යක්ෂ වෙත නියෝග කර ඇත.

මියගිය පුද්ගලයා නොවැම්බර් මස 27 වැනි දින මියගොස් තිබේ. මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදනය වූ අයකු බව හඳුනාගැනීම හේතුවෙන් නිරෝධායන නීති අනුව සිරුර ආදාහනය කළ යුතුව තිබිණි. නමුත් ඥාතීන් ඊට තම විරෝධය ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා ලබාදිය යුතු පහසුකම් සැලසීම ද ප්‍රතික්ෂේප කර ඇත.

හදිසි මරණ පරීක්ෂකවරයා රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත්තේ ඥාතීන් විසින් එම පුද්ගලයාගේ මරණ සහතිකය ලබා ගැනීමට ද ඉදිරිපත් නොවන බව කියා තිබෙන බවයි. සිරුර ආදාහනය කරන්නේ නම් එම අවස්ථාවට ද කිසිවකු සහභාගී නොවන බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

කොරෝනා බව තහවුරු කරගන්නා මළ සිරුරු මරණය සිදුවී පැය 24ක් ඉක්මයාමට පෙර ආදාහනය කරන ලෙස ද රජය නියෝග කර තිබේ.

Related articles

Recent articles

spot_img