spot_img
spot_imgspot_img

රජය වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය කෙළසනවා යැයි වෛද්‍යවරුන්ගේ විරෝධයක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් හතර දෙනකු හිටි හැටියේ ඉවත් කිරීමෙන් ස්වාධීන ආයතනයක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රජය බලපෑම් කරන ආකාරය පැහැදිලිවන බවත් මෙය බලහත්කාරය යෙදවීමක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

වෛද්‍ය නිහාල් අබේසිංහ වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිබඳ විමර්ශනයකින් පස්සේ එහි සාමාජිකයන් හතර දෙනෙක් ඉවත් කර තිබෙනවා. එහි තිබූ ගැටලු ගැන විවාදයක් නැහැ. නමුත් මේ ඉවත් කර තිබෙන්නේ වෛද්‍ය ක්ෂේත්‍රයට දශක පහකට වැඩි කාලයක් තම ශ්‍රමය කාලහ හා ධනය වැය කරපු මහාචාර්ය නාරද වර්ණසූරිය මහචාර්ය හරේන්ද්‍ර සිල්වා ඇතුළු කණ්ඩායමක්. ඒක ඉතාමත් තීරණතාත්මකයි. මේ තීරණය වෛද්‍ය ක්ෂේත්‍රයට ඉතා අහිතකර ලෙස බලපානවා. මේ කණ්ඩායම ඉවත් කිරීම මීට වඩා සාධනීයව කරන්න තිබුණා. වෛද්‍ය සභාවේ සාමාජිකයන්ගේ අදහස් විමසලා මේ ගැන සාධාරණ තීන්දුවක් ගත්තානම් ලොකු ගැටලුවක් නැහැ.”

මෙහි දී අදහස් දැක්වූ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත අබේසේන පවසන්නේ වෛද්‍ය සභාවට සියලුම වෛද්‍යපීඨවල පීඨාධිපතිවරුන්ගේ නියෝජිතයන්, වෛද්‍ය වෘත්තියේ පිරිසක්, විශේෂඥ වෛද්‍යවරු ඇතුළුව සෞඛ්‍ය ඇමති හෝ ඇමතිනිය විසින් පත්කරන පස් දෙනකුගෙන් වෛද්‍ය සභාව සමන්විත වන බවයි. ඇමතිවිසින් පත්කරනු ලබන සාමාජිකයන් සුදුසු ද නුසුදුසු ද යන්න පිළිබඳ විවාදයක් නොමැති බවත් හෙතෙම පවසයි.  මීට පෙර රජයෙන් පත්කර සිටි පස් දෙනා නුසුදුසුයි කියූ වත්මන් රජයේ නියෝජිතයන් දැන් ඊට නුසුදුසු අය පත්කිරීම ගැටලුවක් බවත් ඔහු පවසයි.

සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මෙසේ කිවේය.

“ මේ ඉවත්කිරීම් සදාචාර විරෝධීයි. රජය දැන් සියලුම ස්වාධීන ආයතනවලට තමන්ගේ සුවච කීකරු ගෝලයන් පත්කරමින් සිටිනවා. ස්වාධීන කොමිෂන් සභාවලටත් හිතුමතයට සාමාජිකයන් පත්කළා. තමන්ට ඇති තනි බලය අනුව වෛද්‍ය සභාවටත් සුවච කීකරු ගෝලයන් පත්කරගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. වෛද්‍ය සභාව වැනි ස්වාධීණ ආයතනවලට අද වනවිට අමු අමුවේ අත තියලා කෙළසා දාලා තියෙනවා. මහාචාර්ය කාලෝ ෆොන්සේා මෙහි සභාපතිවෙලා සිටිය දී රාජිත සේනාරත්න ඇමතිවරයාට අවශ්‍ය වුණා ඔහු ඉවත්කරන්න. සයිටම් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ඔහු ඉවත් කරනවා කියා අපි හැමෝම එක මතයක සිටියා. නමුත් අද වනවිට මේ නීති විරෝධී අත්තනෝමතික වැඩේ අපේ වෘත්තියේ ම ඇතැම් අය අනුමත් කරනවා ඇතැම් වෘත්තීය සමිති ඇස් පියාගෙන බලා ඉන්නවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා වෛද්‍ය සභාවට අත තියන්න එපා. වෛද්‍ය සභාව වගකියන්නේ රජය නොවෙයි. ජනතාවට මේ ස්වාධීනත්වයට අත තිව්වොත් වෛද්‍ය වෘත්තිකයන් හැටියට අපි ඊට විශාල විරෝධයක් දැක්වීමට සූදානම්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!