4 C
New York

තවත් මරණ 05ක් සමඟ මුළු මරණ ගණන 129ක් දක්වා ඉහළට

Published:

කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් 05 දෙනකුගේ විස්තර රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

එහි දක්වා ඇති මියගිය පුද්ගලයන්ගේ විස්තර පහත සඳහන් පරිදි වෙයි.

  • කොලොන්නාවේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 28 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව හෘද රෝගයක් හ දියවැඩියා සංකූලතා සමග කොරෝනා ආසාදනය වීමයි.
  • කොළඹ 12 පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලකු ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දෙසැම්බර් 02 (ඊයේ) මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ අධික රුධිර පීඩනය හේතුවෙන් මොළය අභ්‍යන්තරයට රුධිරය ගැලීඹයි.
  • කොළඹ 10 පදිංචි 85 හැවිැරිදි පිරිමි පුද්ගලයකු පසුගිය 30 වැනි දා ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ උග්‍රවූ බැක්ටීරියා ආසාදනයකි
  • කොළඹ 10 පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් දෙසැම්බර් 02 (ඊයේ) නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා සමඟ ඇති වූ හෘදයාබාධයකි
  • කොළඹ 02 පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දෙසැම්බර් 03 වැනි දා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නිව්මෝනියාව සඟ ශ්වසන මාර්ගයේ ඇති වූ අක්ර්මන්‍ය වීමකි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාරතා වූ සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

Recent articles

spot_img