-2.5 C
New York

ගාල්ලේ ඇත්තිලිගොඩ තවත් ආසාදිතයෙක්

Published:

ගාල්ලේ කරන ලද පීසීආර් පරීක්ෂණ 514 අතරින් කොටසක ප්‍රතිඵල ලැබී ඇති බවත් ඒ අතර ඇත්තිලිගොඩ පදිංචි කොරෝනා ආසාදිත බව ඊයේ (02) හඳුනාගත් කාන්තාවගේ ආශ්‍රිතයකු ආසාදනය වී ඇති බවත් සෞඛ්‍ය අංශ පවසයි.

උසාවි සංකීර්ණය අසළ කරන ලද පීසීආර් පරීක්ෂණ අතරින් ඊයේ එම කාන්තාව ආසාදිත බව හඳුනාගෙන තිබිණි. සෞඛ්‍ය අංශ පවසන්නේ ඇය මුඛ ආවරණ මසා විකුණූ කාන්තාවක බවයි. අද (03) ඇයගේ ආශ්‍රිතයකු ආසාදිත බව තහවරු වී ඇති බැවින් එම තැනැත්තාගේ ආශ්‍රිතයන් ද නිරෝධායනයට යොමුකරන බවත් සෞඛ්‍ය අංශ පැවසීය.

Related articles

Recent articles

spot_img