-1 C
New York

PCR කර මාතර ගමේ ආ බන්ධනාගාර නියාමකට කොරෝනා. වෛද්‍ය ශිෂ්‍යාවත් මාතර. වැලිගම පාසලක් වසා දමයි

Published:

මාතර පදිංචිකරුවන් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (03) උදෑසන තහවුරු විය.

රුහුණ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ සිව්වැනි වසර ඉගෙන ගන්නා මාතර පඹුරන පදිංචි ශිෂ්‍යාවක්, මාතර නූපේ පදිංචි බන්ධනාගාර නියාමකවරයකු, පොල්අතුමෝදර පදිංචි වරාය සේවකයකු මෙලෙස ආසාදනය වී තිබේ.

මෙම තිදෙනාගේ සමාජ ඇසුර හා පසුගිය දිනවල හැසිරී ඇති ආකාරය අධ්‍යයනය කිරීම් දී බරපතල ගැටලුකාරී තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන බන්ධනාගාර නියාමකවරයා පසුගිය 01 දා පීසීආර් පරීක්ෂණයට තම ජෛව සාම්පල ලබා දී එකිනම මධ්‍යම රාත්‍රියේ කොළඹින් පිටත්වූ සාමාන්‍ය මගී ප්‍රවාහන බසයක මාතර දක්වා පැමිණ ඇත. පීසීආර් පරීක්ෂණයකට ජෛව සාම්පල ලබාදුන් විට ප්‍රතිඵල ලැබෙනතුරු නිරෝධායනය විය යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතිය ඔහු උල්ලංඝනය කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම නියාමකවරයා බසයේ අසුන්ගෙන පැමිණ ඇත්තේ බසය මැදට වන්නටය. එහි මගීන් 20ක් පමණ පැමිණි බව ද ඔහු පවසයි. නිවසේ සිටි තම මවට තම සහෝදරයාගේ නිවසට යන ලෙස දුරකථනයෙන් දැනුම් දුන් ඔහු මාතරට පැමිණ නිවසේ තනිවම රැඳී සිට තිබේ. තම නිවැසියන්ගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වූ මේ බන්ධනාගාර නියාමකවරයා සමස්ථ සමාජය ගැන සැළකිලිමත් වී නැත. ඔහු කොරෝනා ආසාදිතයකු බව දැනගත් පසු මේ වනවිට රෝහල්ගත කර සිටියි.

මේ අතර මාතර පඹුරන පදිංචි වෛද්‍ය ශිෂ්‍යාව 29 වැනි දින සිය නිවසට පැමිණ 30 වැනි දා යළි වෛද්‍යපීඨයට ගොස් ඇත. එහි දී ඊයේ (02) සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ. මෙම වෛද්‍ය ශිෂ්‍යාවගේ මව මාතර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරියකි.

කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැණුනු පොල්වතුමෝදර පදිංචි වරාය සේවකයාගේ බිරිඳ වැලිගම පොල්වතුමෝදර මහා විද්‍යාලය ඉදිරිපිට ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන බැවින් පොල්වතුමෝදර මහා විද්‍යාලය ලබන සඳුදා (07) තෙක් වසා දැමීමට තීරණය කර තිබේ.

Related articles

Recent articles

spot_img