-2.5 C
New York

අටළුගම ආසාදිතයෙක් රෝහලට යන්න බෑ කියා PHI ගේ මුහුණට කෙළ ගසයි

Published:

බණ්ඩාරගම අටළුගම කොරෝනා ආසාදිත බව හඳුනාගත් රෝගියකු රෝහල්ගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඊයේ (03) පැමිණි අවස්ථාවේ දී කොරෝනා ආසාදිත පුද්ගලයා රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින් සෞඛ්‍ය නිලධාරින් වෙත කෙල ගසා ඇත.

ඊයේ (02) සවස්වන විට අටළුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 327ක් හඳුනාගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියා සිටියේ එම ආසාදිත පුද්ගලයා රෝහල්ගතවීම ප්‍රතික්ෂේප කරමින් වසංගත රෝග සම්බන්ධ නීති කඩකර ඇති අතරම රජයේ නිලධාරියකුට බාධා කරමින් බරපතල වරදක් කර ඇති බවයි.

බණ්ඩාරගම පොලිසිය සිද්ධිය පිළිබඳ පරික්ෂණ පවත්වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Related articles

Recent articles

spot_img