spot_img
spot_imgspot_img

මහර ගැටුම ඇතිවුණේ පෙති පානය කිරීමෙන් නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය

පුවත්

විදෙස්

මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුවූයේ එහි රැඳවියන් පිරිසක් මානසික රෝගීන් භාවිතා කරන පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් ඇති වූ ලේ දැකීමේ ආශාව යැයි පැතිර යන තොරතුරුවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සඳහන් කරයි.

මේ පිළිබඳ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ මහර බන්ධනාගාරයේ ගැටුමට හේතුව එහි රැඳවියන් මානසික රෝගීණ් භාවිතා කරන පෙති වර්ගයක් පානය කළ නිසා බවයි. එමඟින් ලේ දැකීමේ ආශාව සහ ආවේගශීලී මානසිකත්වයක් ඇතිවී තිබන බව මහර බන්ධනාගාරයේ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ තමන් ලද තොරතුරු මත පදනම්ව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ද හෙතෙම සඳන් කළේය.

මීට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පදනමක් නොමැතිව මෙවැනි ප්‍රකාශ කිරීමත් ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමත් අවාසනාවන්ත තත්ත්වයක් බවයි. මෙම ඖෂධ භාවිතයට ගන්නා මිලියන ගණනක් ජනතාවට යම් සැකයක් ඇතිවීම වැළැක්වීඹ සඳහා මෙම නිවේදනය නිකුත් කරන බව ද එම සංගමය කියා සිටියි.

ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිකුත් කළ නිවේදනයේ මෙලෙස දැක්වෙයි.

“පසුගිය දින කිහිපය තුළ දී මහර බන්ධනාගාරයේ දී සිදු වූ කලහකාරී හැසිරීමට හේතු සාධක වූයේ මානසික රෝගවලට ප්‍රතිකර කරන ඖෂධ එම රැඳවියන් විසින් භාවිත කිරීම බවට මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබිණි. මෙම ප්‍රකාශය ජනතාව තුළ වැරදි ආකල්පයක් මානසික රෝග හා ඒ හා සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව ඇති කරන හෙයින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පහත පැහැදිලි කිරීම සිදු කෙරෙ. මානසික රෝගීන් ප්‍රචන්ඩකාරී හැසිරීම පෙන්විය හැකි යැයි අද සමාජජයේ තිබෙන මතයද මෙම පුවතට බලපාන්නට ඇති නමුත් බො‌ොහ් විට සිදුවන්නේ මානසික රෝගීණ් නිසා අන් අයට කරදර සිදුවනවාට වඩා අන් අයගෙන් රෝගීන් අපහසුතාවයට පත්වීමයි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මානසික රෝගවලට භාවිත කරන ඖෂධ දැනට ලෝකය පුරා බහුලව භාවිතා වන අතර ඒවා අන්තර්ජාතික හා ජාතික වශයේන පිළිගත් නියාමනයන්ට යටත් වේ. මෙම ඖෂධ ලංකාවේ දැනට දශක ගණනාවක් තුළ අන්තර්ජාතික පිළිගැනීම්වලට අනුව නිර්දේශ කිරීම තුළින් අති මහත් රෝගීණ් සංඛ්‍යාවකගේ මාසනසික රෝග සමනය වූවා පමණක් නොව ඔවුන්ගේ ජීවන ත්තත්වය නගාසිටුවීමට හේතුවිය. මෙම ඖෂධ කිසි විටෙක ප්‍රචණෟඪථෟළ්‍යු උෑථී ෆණෘඛඍණ උථඍ ඛළශඛෘඍී බව අඩු කිරීමට උපයෝගි කර ගැනේ.

නිසි ප්‍රතිකාර මගින් මානසික රෝග බොහෝ දුරට සුව කළ හැකි අතර නැවත නැවත රෝග ත්තත්වය ඇතිවීම වැළැක්වීටම ද හේතුවෙයි. ඒ සඳහා භාවිතා කරන ඖෂධ මඟින් කිසිම කලහකාරී හැසිරීමක් ඇති නොවන බවට ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය වන අපි යළිත් අවධෘඍණය කර සිටිමු. මෙවැනි ප්‍රවෘත්තිවලින් නොමග නොයා මානසික ගැටලු ඇති විට වහාම ප්‍රතාකරවලට යොමුවන ලෙසත් අපි රෝගීන්ගෙන් ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!