කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත දේහ ඥාතීන්ට භාර නොදෙන බවත් අනිවාර්යයේ ම ඒවා සෞඛ්‍ය නිර්දේශ අනුව ආදාහනය කරන බවත් රජය පැවසුවේ මෙරට පළමු මරණයත් වාර්තාවීමට ප්‍රථමයෙනි.
එමෙන්ම ඒ සියලු මරණ පැය 24ක් යාමට පෙර ආදාහනය කරන බව ද රජය විසින්ම නිවේදනය කරන ලදී.
කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් හෝ නොදැන සිට මරණයෙන් පසු කොරෝනා ආසාදිත බව තහවුරු කරගන්නා මරණ පැය 24ක් ඉක්මයාමට පෙර මෙලෙස ආදාහනය කිරීමට තීරණය කර තිබේ. රජය පවසන්නේ එය අකුරටම ක්‍රියාත්මක වන නීතියක් බවයි.
නමුත් මෘත දේහයක් කොරෝනා ආසාදිත බව දැනගෙන ඉතා කඩිනමින් එනම්, මරණය සිදුවී පැය 24ක් ඉක්මයාමට පෙර ඒ දේහ ආදාහනය සඳහා කටයුතු කරන සෞඛ්‍ය අංශ බලධාරීන්ට මියගිය පුද්ගලයා පිළිබඳ තොරතුරු පැය 24ක් නොව පැය 48ක් යන තුරුම රටට හෙළිකරන්නට නොහැකි වන්නේ කවර හේතුවක් නිසා ද යන්න ගැටළුවකි.
ගාල්ල කරාපිටිය රෝහලේ දී කොරෝනා ආසාදිත බව දැනගෙන හම්බන්තොට රෝහලට ගෙනගොස් එතැනින් හෝමාගම රෝහලටත් ගෙන ගිය ඇය මියගියාය. නමුත් ඇය මියගොස් පැය 48කට ආසන්න වනතුරු මේ මරණය සිදුවූ බවට නිල නිවේදනයක් නිකුත් කරන්නට රජයට හැකියාව ලැබුණේ නැත.
ඉන් පසු එවැනි සැකයක් ඇතිවවන මරණය සිදුව ඇත්තේ ගාල්ලෙනි. ගාල්ලේ මිලිද්දුව පදිංචි ඔහු පසුගිය 30 වැනි දා රාත්‍රියේ මියගොස් තිබිණි. ඉන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදනය වී සිටි අයකු බව පැහැදිලිවිය. වහාම ඔහුගේ බිරිඳ සිටි පාසල පවා විෂබීජහරණය කළ සෞඛ්‍ය බලධාරීන් ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට ද යොමු කර තිබිණි.
30 වැනි දා රාත්‍රියේ මියගිය ඔහුගේ මරණය සම්බන්ධ තොරතුරු ඊට පසු දින (01) දා රාත්‍රියේ හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හෝ ඒ බව දැනුම් දීමට නොහැකි වී තිබේ.
නමුත් අද (02) රාත්‍රියේ මරණ පිළිබඳ රජය විසින් නිකුත් කළ රජයේ නිල ලේඛනයේ ද එම තැනැත්තාගේ මරණය ගැන තොරතුරු නොමැත. මෙය බරපතල ගැටලුවකි. කොරෝනා ආසාදනය වූ අයකුගේ මළ සිරුරක් පැය 24ක් යාමට පෙර ආදාහනය කළ යුතු යැයි පවසන රජයේ සෞඛ්‍ය බලධාරීන්ට මියගිය පුද්ගලයකුගේ මළ සිරුරු කොරෝනා බව කීමට පැය 48ක් යනතුරු නොහැකි ඉාතා බරපතල ගැටලුවකි.
අද (02) රාත්‍රියේ තොරතුරු ලබාදුන් මරණ දෙක අතරට ද එම මරණය ඇතුළත් කර නැත.