-2.2 C
New York

සවුත්ලන්ඩ්ස් ගුරුතුමියට කොරෝනා නෑ

Published:

කළුබෝවිල රෝහලේ දී මියගිය ගාල්ලේ පදිංචි කොරෝනා ආසාදිත පුද්ලයාගේ බිරිඳගේ ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඇයට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඇය ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ ගුරුවරියකි. වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගැනීමට තම සැමියා රෝහල්ගත කර සිටිය දී ද ඇය පාසලට පැමිණ ශිෂ්‍යාවන්ට ඉගැන්වීමේ කටයුතුවල නිරතවූවාය. පෙරේදා (30) දිනයේ ද ඇය පාසලට පැමිණ සිටි අතර එදින රාත්‍රී ඇගේ සැමියා මියගියේය. මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වූයේ ඔහුට කොරෝනා ආසාදනය වී තිබී ඇති බවයි.

මේ අනුව එම ගුරුවරියගේ පීසීආර් පරීක්ෂණ සිදුකරන ලදී.

මෙම පුද්ගලායාගේ මරණය පිළිබඳ තොරතුරු ලැබීමත් සමඟ ක්‍රියාත්මක වූ ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීී කාර්යාලය ඊයේ (01) ඉක්මණින්ම සවුත්ලන්ඩ්ස් විද්‍යාලය විෂබීජහරණය කර තිබිණි. විදුහලේ කටයුතු අද (02) සාමාන්‍ය පරිදි සිදුකිරීමට කටයුතු යොදා තිබුණ ද පැමිණ සිටියේ ශිෂ්‍යාවන් තිදෙනකු පමණි. ගුරුවරු 05 දෙනකු සහ විදුහල්පතිවරිය ද පැමිණ සිටියාය.

එම ගුරුවරියගේ පළමු පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වුව ද දින 07කට පසු යළි දෙවැනි පීසීආර් පරීක්ෂණයක් ද සිදුකරන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img