නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි සුළි කුණාටුව අද (02) රත්‍රී 7.00ත් 10.00ත් අතර කාලයේ දි ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසාන දිග වෙරළෙන් ඇතුළුවනු ඇත.
සුළි කුණාටුව සමඟ සුළඟේ වේගය පැයට කිලෝ මීටර 80-90 ත් අත වන බවත් ඇතැම් විට එය පැයට කිලෝ මීටර 100ක් දක්වා වැඩිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමටත් වඩා මීටර 01ක් පමණ ඉහළ යා හැකි බැවින් වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවිය හැකි බව ද කාලගුණ විද්‍යාඥයෝ කියති.
අද (02) සවස 5.30 වන විට සුළි කුණාටුව උතුරු අක්ෂාංශ 9.0N හා නැගෙනහිර දේශාංශ 81.4E ප්‍රදේශයේ ත්‍රිකුණාමලයට කිලෝ මීටර 50ක් දුරින් ස්ථානගතව පවතිනු ඇත. රාත්‍රී 9.30 පමණ වනවිට එය සම්පූරණනේ ම දිවයින තුළට ඇතුළු වනු ඇත.
උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත් මේ වනවිටත් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති අතර සෙසු පළාත් තරමක් අවදානම් ප්‍රදේශ ලෙස නම්කර තිබේ. මේ අතරින් නැගෙනහිර පළාතේ අධි අවදානම් තත්ත්වය හෙට වනවිට පහව යන බව ද පවසයි.
සිදුවිය හැකි හානි
- තාවකාලික නිවාස සහ ඉදිකිරීම්වලට හානි සිදුවීම
- වහළවල ඇති තහඩු උළු ආදිය ගැලවී යාම
- විදුලි සහ දුරකථන රැහැන්වලට හානි සිදුවීම
- ගස්වල අතු කැඩීම සහ මාර්ග අසළ ඇති විශාල ගස් ගැලවී යාම
- වී වගා බිම්වලට, කෙසෙල්, පැපොල් වැනි පලතුරු වගාව්නට හානි සිදුවීම
- වරාය ආශ්‍රිත නවතා හෝ රඳවා හෝ ඇති යාත්‍රා අංගනවලට හානි සිදුවීම
- ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීම
- වෙරළාසන්න පත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවීම
උපදෙස්
- නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙයි
- දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මණින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණිය යුතුය
- වෙරළ ආසන්න තාවකාලික පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානවලට ගමන් කිරීම, බලපෑම් ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචිකරුවන් නිවාස තුළට වී සිටීම
- කඩාවැටෙන ගස්වලින් සහ විදුලි රැහැන්වලින් ආරක්ෂාවීම
- ගිගුරුම් සහිත වැසි පවත්නා අවස්ථාවල රැහැන් දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම
- ඇතවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ