වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාව හරහා ගමන් කරන සුළි කුණාටුව සුළි කුණාටු ජාත්‍යන්තර වශයෙන් නම් කිරීමේ ක්‍රමවේදය අනුව “බුරවි” ලෙස නම් කර තිබේ.
මෙම සුළි කුණාටුව අද (02) සවස හෝ රාත්‍රී කාලයේ ශ්‍රී ලංකාවේ මඩකලපුව සහ පේදුරු තුඩුව දෙසින් ඇතළු වී බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. සුළි කුණාටුවේ බලපෑම මුළු දිවයිනට ම අත්විඳින්නට සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවල දැක්වේ.
මේ වනවිට පැයට කිලෝ මීටර 80-100ක් පමණ වේගයකින් ගමන් කරන සුළං ප්‍රවාහයක් සහිත මෙම සුළි කුණාටුව තව දුරටත් වර්ධනය වෙමින් පවතින බවත් එහි ගමන් මග වෙනස් නොවන බවත් ජාත්‍යන්තර කාලගුණ මාධ්‍ය වාර්තාවල දැක්වේ. කෙසේ වෙතත් මෙහි වේගය තවදුරටත් වැඩි වුවහොත් එහි සුළං ප්‍රවාහ ඇතැම් අවස්ථාවල දී පැයට කිලෝ මීටර 100-140ත් අතර වේගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි වේගවත් සුළඟක් දශක කිහිපකින් ශ්‍රී ලංකාව හරහා ගමන් කර නැත.
එබැවින් සියලුම ධීවර කටයුතුවලින් ඉවත්ව සිටින ලෙසත් හැකිතාක් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධයම හා සබරගමුව පළාත් අද (02) හා හෙට (03) දෙදින දැඩි අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති අතර අනිකුත් පළාත් ද තරමක් අවදානම් බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් දිවයින පුරාම තද වැසි විටින් විට ඇතිවන බවත් වරින් වර තද සුළං හමායන බවත් පැවසේ.