spot_img
spot_imgspot_img

කොළඹ ගෙනයාමට හැදූ කසළ තේ තොගයක් ඉමදුව දී අත්අඩංගුවට

පුවත්

විදෙස්

කසළ තේ කිලෝ ග්‍රෑම් 1209ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි. එම කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලිසිය පවසන්නේ ඕපාත ප්‍රදේශයේ සිට රැගෙන විත් ඇති මෙම කසළ තොගය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දක්වා රැගෙන යාමට සැළසුම් කර තිබූ බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බවයි.

අදාල කසළ තේ තොගය පිළිබදව පොලිසියට ලැබුණු තොරතුරක් මත ගාල්ල නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහගේ, ගාල්ල කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධීකාරී විකුම් ගිනිගේ හා සහකාර ගාල්ල දිසා පොලිස් අධිකාරී උදයකුමාරගේ උපදෙස් මත දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පොලිස් මාර්ග බාධක යොදමින් වාහන පරීක්ෂාව සිදුකල ඇත. එහෙත් ඔවුන් පොලිසිය මඟ හරිමින් ඉමදුව දක්වාම පැමිණ ඇති බව ද පොලිසිය පවසයි.

ඉමදුව පොලිස් මාර්ග බාධකයේ සිටි ඉමදුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුලසේන , උ.පො.ප. බන්දුසේන, පො.සැ. 58852 ජානක, පො.සැ. 58854 ගාමිණී, පො.සැ. 44171අමීර් යන අය අදාල ලොරි රථය පරීක්ෂා කර ඇති අතර එහි දී එම ලොරි රථයේ රියදුරු පවසා ඇත්තේ අපනයන මට්ටමේ තේ තොගයක් කොළඹ බලා රැගෙන යන බවයි. අදාල කසළ තේ තොගය අපනයන මට්ටමෙන් හොදින් අසුරා ලොරි රථයේ තිබී ඇත. පොලිසිය එම බහාලුම් පරීක්ෂා කිරීමේ දී කසළ තේ බව හදුනාගැනීමෙන් පසුව රිදුරු හා ලොරි රථය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (02) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ලන්කින්ද නානායක්කාර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!