spot_img
spot_imgspot_img

ගාලු පුර සබයට ආ ප්‍රථම කාන්තාව දිවියෙන් සමුගනී

පුවත්

විදෙස්

ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම නාගරික මන්ත්‍රීවරිය හා නියෝජ්‍ය නගරාධිපතිනිය වූ එන්.ඩී.විජේනායක (සීතා) මහත්මිය 87 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය. නැසී ගිය විශ්‍රාමික ගාල්ල ප්‍රධාන තැපැල් ස්ථානාධිපති හා ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ඩී.විජේනායක මහතාගේ බිරිඳ වූ ඇය දරුවන් 06 දෙනකුගේ මවකි.

මීටියාගොඩ උපත ලබා ඇති  විජේනායක ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාල්ල කොට්ඨාසයෙන් 1983 වර්ෂයේ දී නගර සභාවට තේරීපත්වූ ඇය යළි 1988 දී ජයග්‍රහණය කරමින් 1991 දක්වා උප නගරාධිපති ලෙස ද කටයුතු කළාය. ඉන් පසු යළි 1991 වර්ෂයේ සිට 1997 වර්ෂය දක්වාම ඇය නාගරික මන්ත්‍රීවරියක ලෙස කටයුතු කර තිබේ. මියයන තුරුම ප්‍රකට සමාජ සේවිකාවක වූ විජේනායක මහත්මිය ගාල්ල කොටුවේ පෞරාණිකත්වය ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා නිවාසගත සංචාරක නිකේතන ක්‍රමය හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක නිරතවූ අයෙකි.

ගාල්ල කොටුවේ ලයිට් හවුස් විදිය අංක 65 නිවසේ දේහය තැන්පත් කර ඇති අතර  බදාදා  (02) උදෑසන නිවසේ දී  ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව උදෑසන 10.30ට දඩල්ල ආදාහනාගාරයේ දී අවසන්කටයුතු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!