-2.5 C
New York

සිරුරු ආදාහනය අයිතිවාසිකම් කඩවීමක් යැයි කියූ පෙත්සම් ප්‍රතික්ෂේප වෙයි

Published:

කොරෝනා ආසාදනය වී මියයන අයගේ සිරුරු අනිවාර්යයෙන් ම ආදාහනය කරන ලෙස දන්වා නිකුත්කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් ප්‍රතික්ෂේප කර තිබේ

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුුුුුුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම ඊයේ (30) සහ අද (01) සිදුකෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේ බහුතර විනිසුරුවන්ගේ එකඟතාව මත මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි එම්.ඒ. සුමන්දිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස්, නිශාම් කාරියප්පර් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිවේදීන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ කොවිඩ් ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර භූමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වෛරසය  ව්‍යාප්ත වීමක් සිදුවන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැති බවයි.

Related articles

Recent articles

spot_img