ගාල්ල නගරයේ පිහිටි පරිගණක අළෙවි සැළක සේවකයකු කොරෝනා ආසාදිතයකු බවට තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇත්තේ ඊයේ (30) උඩුගම දී කරන ලද පීසීආර් පරීක්ෂණයකිනි. මෙම තරුණයා දින 15කින් තමන් සේවය කරන පරිගණක ආයතනයට පැමිණ නැත.
එම පරිගණක ආයතනයට සේවා ලබාගැනීමට පැමිණි හමුදා නිලධාරියකු කොරෝනා ආසාදනය වූ බවට සෞඛ්‍ය අංශවලින් තොරතුරු ලැබීමත් සමගම මෙම තරුණයා සහ තවත් සේවකයන් දෙදෙනකු ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර තිබිණි පරිගණක සේවා ආයතනයට එම හමුදා නිලධාරියා පැමිණි බව දැනගත් වහාම එම ආයතනය විසින් අදාල දිනයේ CCTV කැමරා දර්ශන සෞඛ්‍ය නිලධාරින්ට පරීක්ෂා කිරීමට ලබා දී තිබිණි.
එම දර්ශන පරීක්ෂාකළ සෞඛ්‍ය අංශවල නිර්දේශය වූයේ ආයතනයේ ඒ අවස්ථාවේ සේවය කළ සේවකයන් තිදෙනා නිරෝධානයනය විය යුතු බවයි. ඔවුන් ඒ වනවිට වෙනත් පිරිස් හා සම්බන්ධ වී තිබුණේ නැත ඒ අනුව ඔවුන් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණි. ආයතනය ද විෂබීජ හරණය කර ඇත.
ඔවුන් නිරෝධායනයට යොමු කළ ද පීසීආර් පරීක්ෂණ සිදුකර තිබුණේ නැත. පෙරේදා (29) එම පරිගණක සේවකයන් තිදෙනාගේ නිරෝධායන දින 14 අවසන් වූ බැවින් 15 වැනි දිනය වූූ ඊයේ (30) පීසීආර් පරීක්ෂණය සිදුකර ඇත.
එම පරීක්ෂණයේ ප්‍රතිඵල අද ලැබුණු අතර උඩුගම පදිංචි තරුණයා ආසාදිත බව තහවුරු වූයේ එම ප්රතිඵලවලිනි. සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම සේවකයා සහ නිරෝධායනය වූ අනෙක් සේවකයන් දෙදෙනා අදාල පරිගණක ආයතනයේ වෙනත් ශාඛා සමග හෝ වෙනත් සේවකයන් සමඟ හෝ සම්බන්ධ වී නොතිබූ බැවින් වෙනත් කිසිවෙකු නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය නොවූ බව ද සෞඛ්‍ය අංශ පැවසීය.
මෙම තරුණයා කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමඟ ඔහු හම්බන්තොට කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවූ බව ද සෞඛ්‍ය අංශ පවසයි.