-3 C
New York

ගාල්ලේ අධිකරණ භූමියේ දී කොරෝනා යැයි දැනගත් කාන්තාව කඨින පිංකමටත් ගිහින්

Published:

ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඊයේ (30) සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් එක් කොරෝනා ආසාදිතයකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ නඩු කටයුත්තකට පැමිණි ඇත්තිලිගොඩ පදිංචි කාන්තාවකි. 60 හැවිරිදි වියේ පසුවන ඇය ජීවනෝපාය සඳහා කැඳ විකුණා ඇති බැවින් ඇයගෙන් කැඳ මිලදී ගත් පුද්ගලයන් පිළිබඳව ද විමර්ශනය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අංශ පවසයි.

එම කාන්තාව පසුගිය දා ඇත්තිලිගොඩ ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ පැවැති කඨීන උත්සවය සඳහා ද සහභාගී වී ඇති බැවින් එම කඨින උත්සවය සඳහා සහභාගී වූ සියලූ දෙනා තමන්ට තොරතුරු ලබාදෙන ලෙස ඇත්තලිගොඩ දකුණ ග්‍රාම නිලධාරීවරයා තම Facebook පිටුවේ සටහනක් යොදා තිබේ.

මෙම කාන්තාව රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර ඇගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකරමින් සිටියි.

Related articles

Recent articles

spot_img