කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායක් අනුගමනය නොකරමින් පාසැල් වල ආරක්ෂාව විදුහල්පතිවරුන්ට බාරදෙමින් හදිසියේම පාසැල් ආරම්භ කර සිසු පරපුරත් සමස්ථ රටත් රජය විසින් අනතුරට හෙළා ඇතැයි පවසමින් සමාජවාදී පෙරටුගාමී පක්ෂය ඊයේ (30) ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක නිරත විය.
සෞඛ්‍ය නීති වලට අනුකූලව පැවැත්වූ මෙම උද්ඝෝෂණය සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන්, දෙමාපියන් ඇතුළු 100ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.
ඔවුන් පවසන්නේ මැතිවරණය පැවැත්වීමට පෙර, පෙරහුරු පවා කරමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට විශාල පිරිවැයක් යෙදූ රජය මෙවර පාසැල් පාසැල් ආරම්භ කිරීමේදී එවැන්නක් නොකළ බවයි. නින්දෙන් ඇහැරුනාක් මෙන් පාසැල් ආරම්භ කරන බව දින දෙකකට පෙර දැනුම් දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, දරුවන් සඳහා පාසැල් ආරම්භ නොකර, අවදානම සම්බන්දව තීරණයක් ගත නොහැකි යැයි පැවසීම විහිළුවට කරුණක් බවද උද්ඝෝෂකයෝ පවසති. මෙය දරුවන් පර්යේෂණයක් සඳහා යොදා ගන්නා හා සමාන ක්‍රියාවක් බවද රජයට උවමනාවී ඇත්තේ දරුවන් පවා බිල්ලට දී පාසැල් ආරම්භ කර රට සාමාන්‍ය තත්ත්වයෙන් පවතින බව පෙන්වීමට බව ද ඔවුහු පවසති. මෙයින් සිදුවන්නේ වසංගතය තවදුරටත් පැතිරීම බව ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.