මේ අද (30) සවස 6.15 ට කඩුවෙළ බස් නැවතුමෙන් ගමන් ආරම්භ කර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල දක්වා ධාවනය වූ බසයකි.
මේ බසයේ පිටුපසම ආසනයේ එක ළඟ අසුන් ගෙන සිටි මිතුරන් දෙදෙනකු දිගටම බසයේ ගමන් ගත්තේ කතාකරමිනි. ඔවුන්ගෙන් එක් අයකු නිතර නිතර කිවිසුම් යැව්වේය. ඔහු කිවිසුම් යවන්නේ අපූරු කුමයකටය.
කිවිසුමක් පිටකරන්නට සිදුවන විට ඔහු තම මුඛ ආවරණය ඉවත්කර මහ හඩින් කිවවිසුම යවා යළි මුඛ ආවරණය පැළඳ ගනියි. එය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම තුට්ටුවකට මායිම් නොකිරීමකි.
මේ ටිකට් පත ඇතුළු ඡායාරූප අප වෙත එවූ තැනැත්තා හෝ මෙහි සිටි වෙනත් කිසිම අයකු ඔහුට සෞඛ්‍ය නීති පිළිපදින්න යැයි උපදෙසක් දී නැත. කොන්දොස්තරවරයා හෝ ඒගන කිසිත් කියා නැත.
බසට ගොඩවීමට පෙර කිසිවෙකුගේ ශරීර උෂ්ණත්වය මැන බලන ක්‍රමයක් නැත. බස් කොන්දොස්තරවරයා මුදල් ගෙන ප්‍රවේශපත්‍රයක් ලබා දෙයි.
මේ දිනවල අධිවේගී මාර්ග බස්රථවල ගමන් ගන්නා මගීන් සියලු දෙනාගේ නම, පදිංචිය හා දුරකථන අංකය සටහන් කරගන්න යැයි නියෝග කර තිබුණ ද මේ බසයේ ආ කිසිදු මගියකුගේ තොරතුරු සටහන් කරගත්තේ ද නැත.
මේ බසයේ කොරෝනා රෝගියකු පැමිණ තිබුණහොත් එහි කොන්දොස්තර හා රියදුරු හැර වෙනත් කිසිවකු සොයා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාවක් නොලැබෙනු ඇත.
මේ අධිවේගී මාර්ග බස්රථවලට මීට වඩා පාලනයක් අවශ්‍ය බවත් උපදෙස් දීමෙන් නොනැවතී වහාම ඒවා පසු විපරම් කළ යුතු බවත් අපි වගකිව යුත්තන්ට සිහිපත් කරමු.
බියගම, කැලණිය, මට්ටක්කුලිය, අංගොඩ, මුල්ලේරියාව, IDH වැනි ප්‍රදේශවල රැකියාවේ නිරත බොහෝ දෙනකු ගාල්ලට ඒමට තෝරාගන්නේ කඩුවෙළ සිට ගාල්ලට ධාවනය වන බස්රථ බව සිහිපත් කර අපි මේ ලිපිය නිමාවට පත්කරන්නෙමු.

