-1.7 C
New York

හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයේ කසළ එළිමහනේ

Published:

නිරෝධායනය වෙමින් සිටින පොලිස් නිලධාරීන් රඳවා ඇති හබරාදුවේ පොලිස් “නිල සෙවණ” අසළ කුණු ගොඩගසන ආකාරය මෙම ඡායාරූපවල දැක්වේ.

ඒ අසළ අනෙක් ගෙඩනැගිලිවල ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටින පුද්ගලයන් පවසන්නේ මෙහි දැක්වෙන කුණු ගොඩට පොලිස් “නිල සෙවණ” නිවාස සංකීර්ණයේ ඉවතලන සියලු අපද්‍රව්‍ය ගෙනවිත් දමන බවයි.

මෙහි ඇති වැට මායිම අසළින් කොග්ගල ඔය පිහිටා ඇත. ජල මූලාශ්‍රවලට කොරෝනා රෝගීන්ගේ අපද්‍රව්‍ය මිශ්‍රවීම ඉතා භායනක බව විද්වතුන් පවා කියන කරුණකි. පසුගිය නොවැම්බර් 10 වැනි දා මධ්‍යම පරිසර අධිකාරිය නිරෝධානයනය වන පිරිස් රඳවා සිටින ස්ථානයන්හි හා හුදකලා කරන ලද ස්ථානයන්හි අපද්‍රව්‍ය බාහැර කිරීම පිළිබඳ නිර්දේශ පවා ඉදිරිපත් කර තිබිණි.

නමුත් හබරාදුවේ පොලිස් “නිල සෙවණ” නිවාස සංකීර්ණයේ එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැත. සියලු අපද්‍රව්‍ය එළිමහනට බැහැර කරයි.

මේ ගැන සෞඛ්‍ය මෙන්ම පරිසර බලධාරීන්ගේ ද අවධානය යොමුවිය යුතුව තිබේ.

(නන්දසිරි වැලිගමගේ)

Related articles

Recent articles

spot_img