spot_img
spot_imgspot_img

අටළුගම පාලනය ඉතා අසීරුයි. ජනතා සහය නෑ

පුවත්

විදෙස්

කළුතර අටළුගම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ සඳහා බොහෝ දෙනකු ඉදිරිපත් නොවීමත් ඉදිරිපත් වූ අය පවා ව්‍යාජ නම්, ලිපිනයන් හා දුරකථන අංක ලබාදී තිබීම හේතුවෙන් බරපතල ගැටලුවක් මතුවී ඇතැයි කළුතර දිසාපති ප්‍රසන්න ගිනිගේ පවසයි.

පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබුණු පසු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් අය සොයා ගැනීම පවා මේ නිසා අපහසු වී ඇතැයි දිසාපතිවරයා පෙන්වාදෙයි. මේ වනවිට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 303කි. ඒ අතරින් 224 දෙනකු ම අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල, නියෝජ්‍ය පොලිස්පතිවරයා හා කළුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සමග තමන්ම ගොස් අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන 10ක මවුලවිවරුන් හමුවී ජනතාව පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකරන ලෙස ඉල්ලා සිටි බව ද හෙතෙම කියා සිටියේය.

අටළුගම ඇතුළු බණ්ඩාරගම හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වල ජනගහනය 15,973කි. ඉන් පුද්ගලයන් 1,000ක පමණ පිරිසක්වත් පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී නැත. අද අටලුගම තයිබර් ශාලාවේ දී පීසීආර් පරීක්ෂණ සිදුකළ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ 500ක පමණ පිරිසකගේ ජෛව සාම්පල අද දිනයේ ලබාගැනීමට සැළසුම් කර තිබූ බවයි.

දිගින් දිගටම කරනු ලබන දැනුම්වත් කිරීම් හේතුවෙන් මේ වනවිට පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත්වීමේ තරමක ප්‍රගතියක් ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධරී නිමේෂා රත්නවීර කීවාය.

රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ සඳහා ප්‍රදේශවාසීන් සහය නොදැක්වීම හේතුවෙන් දිනෙන් දිනම ප්‍රදේශයේ රෝගීන් ගණන වැඩිවීමේ අවදානමක් තිබෙන බවත් දිසාපතිවරයා පවසයි. මේ වනවිට එම ප්‍රදේශයට පොලිස් නිලධාරීන් 200ක පමණ පිරිසක් සහ හමුදා නිධාරීන් විශාල පිරිසක් යොදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!