ගිනිකොණ දිග බෙංගාල බොක්කේ හටගෙන පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ලබන බදාදා (02) සවස මුලතිව් හා මඩකලපුව වෙරළබඩ ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඉන්පසු එම සුළි කුණාටව ගොඩබිම ඔස්සේ මන්නාර පුත්තලම දක්වා ගමන්කරනු ඇති බව ද කාලගුණ විද්‍යාඥයෝ පුරෝකථනය කරති.
දැනට මෙම පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝ මීටර 750ක් දුරින් මේ වනවිට ස්ථානගතව පවතී. එය අද (30) රාත්‍රී වනවිට කිලෝ මීටර 640ක් දක්වා ළං වනු ඇත. ඉදිරි පැය 12ක කාලයේ දී එය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වන බවත්, ඊට පසු ගතවන පැය 12ක කාලයේ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවත් ඔවුහු කියති.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.