1.6 C
New York

බැසිල් රාජපක්ෂ චෝදනාවලින් නිදොස් කොට නිදහස්

Published:

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ තිබූ මුදල් සාපරාධී විශ්වාසය කඩකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 04 දෙනකු අද (30) කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අරමුදල් රුපියල් කෝටි 299.2ක මුදලක් සම්බන්න්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළේ යැයි මෙම නඩුව ගොනුකර තිබිණි.

පැමිණිලි පාප්රශවය විසින් සිදු කළ සාක්ෂි විමසීමේ දී විත්තිකරුවන් විසින් අධිචෝදනාවල සඳහන් වන ආකාරයට වරදක් සිදුකර ඇති බවට සාක්ෂි අනාවරණ්‍ය කර ගෙන නොමැති බැවින් විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැඳවා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 2000(01) වගන්තිය ප්‍රකාරව තමන් නිදොස් කොට මුදා හරින ලෙස බැසිල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනාගේ නීතිඥවරු ඉල්ලා තිබිණි.

Related articles

Recent articles

spot_img