අරලියගහ මන්දිරය වසා දමා ඇති බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පවසා තිබේ.
අගමැතිවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති තම කාර්යාලයට ද යමාර නොාහැකි වූ බව හෙතෙම පවසා ඇත. අරලියගහ මන්දිරයේ ඇතිවූ කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් මෙලෙස අගමැති නිල නිවස වසා දමා තිබේ.
අරලියගහ මන්දිරය වසා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට විසින් නුක්ත කළ නිවේදනය අසත්‍යයක් බව ද බැසිල් රාජපක්ෂ විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබිණි.
“අරලියගහ මන්දිරය ලොක්ඩවුන් කරලා තියෙන්නේ. මට පවා මගේ කාර්යාලය පාවිච්චි කරන්න බැහැ. ඔබට එය දැනගන්න වුවමනානම් කවුරුහරි කෙනෙක් එහෙට යවලා බලන්න. කාර්ය මණ්ඩලයටත් තමන්ගේ රාකාරීවලින් ඉවත්වෙන්න කියලා තියෙනවා. ඔවුන්ට නිවසේ සිට වැඩකරන්න උපදෙස් දී තිබෙනවා.”
(මූලාශ්‍රය – Sunday Times)