spot_img
spot_imgspot_img

ප්‍රාණ ඇපයේ සිටි නිලධාරීන් දෙදෙනා බේරී ඇවිත්

පුවත්

විදෙස්

Update – 8.00 am 2020-11-30

මහර බන්ධනාගාරයේ ගැටුමත් සමඟ සිරකරුවන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව සිටි නිලධාරීන් දෙදෙනා මේ වනවිට බේරී පැමිණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

අද (30) උදෑසන තවත් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට තැත් කළ බවත් වාර්තා වන අතර උදෑසන 5.00 පමණ සිට 5.30 දක්වා වරින් වර වෙඩි හඬ කිහිපයක් බන්ධනාගාරය අභ්‍යන්තරයෙන් ඇසුණු බව ද බන්ධනාගාරය අවට රැඳී සිටින මාධ්‍යවේදීහු කියති.

මාධ්‍යවේදීන් පවසන්නේ අද (30) උදෑසන වරින් වර ගිලන් රථ කිහිපයක් බන්ධනාගාරයේ සිට රාගම රෝහල‌ දෙසට ගමන් කළ බවයි. මේ වනවිට ගින්න මුළුමනින්ම පාලනය කර ඇති බව පෙනෙන බවත් උදෑසන දුම් අහසට නැගෙන ආකාරය නිරීක්ෂණය කළ හැකි වූ බවත් ඔවුහු කියති.

සවස මෙම සිද්ධියේ ආරම්භයත් සමගම බන්ධනාගාරගතව සිටි පුද්ගලයන්ගේ ඥාතීන් විශාල පිරිසක් මහර බන්ධනාගාරය දෙසට පැමිණ කෑ කෝ ගසමින් සිටි නමුත් මේ වනවිට ඔවුන් ඉවත් කිරීමට පොලිසිය හා පොලිසිය කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!