spot_img
spot_imgspot_img

අකුරැස්සේ කතගේ මරණය සමඟ මරණ 07ක තොරතුරු ලැබෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අද (29) මරණ 07ක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමෙනි.

කොළඹ 02 පදිංචි වයස අවුරුදු 50ක කාන්තාවක් මුල්ලේරියාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී ඊයේ (28) මියගොස් තිබේ. කොරෝනා සමග නිදන්ගත පෙනහලු රෝගයක් හේතුවෙන් මරණය සිදුව ඇති බව වාර්තා කර ඇත.

ගොතටුව පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයකු 27 වැනි දින නිවසේ දී මියගියේය. මරණයට හේතුව නිධන්ගත පෙනහලු රෝගයක්, දියවැඩියාව සමග කොරෝනා ආසාදනය වීමයි.

මොරටුව පදිංචි 73 හැවිරිදි පිපරිමි පුද්ගලයකු කොරෝනා බව හඳුනාගෙන හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (29) මියගොස් ඇත. ඔහුගේ මරණයට හේතුවී ඇත්තේ කොරෝනා හේතුවෙන් ඇති වූ උග්‍ර නිව්මෝනියා තත්ත්වයයි.

හලාවත පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයකු අද (29) හලාවත මූලික රෝහලේ දී මියගොස් ඇත දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ ආඝාතය සමග කොරෝනා ආසාදනය වීම මරණයට හේතුව ලෙස දක්වා ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිත බව හඳුනාගෙන හෝමාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අකුරැස්සේ පදිංචි (51) හැවිරිදි 27 වැනි දා මියගිය කාන්තාවගේ මරණය රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අද (29) නිල වශයෙන් දැනුම් දී තිබේ. එම මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිදන්ගත වකුගඩු රෝගය සමග ඇතිවූ කොරෝනා ආසාදිත තත්ත්වයයි.

කොළඹ 13 පදිංචි වයස අවුරුදු 90ක කාන්තාවක් හෝමාගම රෝහලේ දී අද (29) මියගියාය. ඇගේ මරණයට හේතුව කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

මරදාන පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගයකු 27 වැනි දින රෝහලට ගෙන එන විටත් මියගොස් සිටි බව වාර්තා කරයි. ඔහු ද මරණයට පත්ව ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ පෙනහලු අකර්මන්‍ය වීමෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!