7.2 C
New York

මහර බන්ධනාගාරයේ නවතම තත්වය

Published:

මහර බන්ධනාගාරය ඇතුලත ගිනිගනිමින් තිබෙන බවත් මේ වනවිට බන්ධනාගාරය වෙත ගිනි නිවන රථ පහක් ළඟා වී ඇති බවත් ඒ අවට සිටින මාධ්‍යවේදීන් වාර්තා කරයි.

ඇතුළත සෞඛ්‍ය ඒකකය සහ ආපන ශාලාව ගිනිගන්නා බවට තොරතුරු ඇත. විනාඩි ගණනාවක් පැවැති වෙඩි ශබ්ද මේ වනවිට නැවතී ඇති බව ප්‍රදේශවාසීහු කියති. සිරකරුවන් කිහිප දෙනකු පලාගොස් ඇති බවට ද ප්‍රදේශය පුරා ආරංචි පැතිර යයි.

බන්ධනාගාරයේ ඇති වි තිබෙන නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයි පොලිසයි පවසයි. එස්ටීඑෆ් නිලධාරීන් පරිශ්‍රය වටලා තිබේ. නිලධාරීන්ට තුවාල සිදුව ඇත්ද යන්න මෙතෙක් වාර්තා වී නැත. මේ සිද්ධිය පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධකර ගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය.

Related articles

Recent articles

spot_img