spot_img
spot_imgspot_img

“කොළඹ තත්ත්වය ඉතා භයානයකයි” – GMOA කියයි

පුවත්

විදෙස්

කොළඹ තත්ත්වය ඉතාමත් භයානක බවත් නොපැකිළව තීන්දු තීරණ ගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ කොරෝනා වසංගත තත්ත්වය බස්නාහිර පළාත කේන්ද්‍රගතව තිබෙන බව ඉතාමත් පැහැදිලි බවයි. මෙයින් වඩාත් දරුණු තත්ත්වයක ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය බවත් එයිනුත් කොළඹ නගර සභා සීමාව අතිශය දරුණු තත්ත්වයකට පත්ව ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපිට ඉතාමත් පැහැදිලියි මේ වසංගතය කොතනටද කේන්ද්‍රගත වෙලා තියෙන්නේ කියලා. රටේ සමස්ථ මරණ සංඛ්‍යාවෙන් 91% සිදුවන්නේ බස්නාහිර පළාතේ ඉන් 74 % සිදුවී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ 12%, කළුතර 5% ඉතින් මේ සියල්ල බැලූ විට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව තිබෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ. ඉතින් මේ වගේ වෙලාවට මෙම කරුණු සැළකිල්ලට අරගෙන තීන්දු තීරණ ගත යුතුයි. ඊට බයවෙන්න අවශ්‍ය නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!