7.2 C
New York

හුදකලා ප්‍රදේශවල රජයේ ආයතනත් වසා දැමිය යුතුයි

Published:

කොරෝනා පැතිරීමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය ආයතන විවෘත කර තිබීම කොරෝනා වසංගතය පැතිරයාමට හෙතුවක් විය හැකියැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු පවසන්නේ සංචරණ සීමා පනවන ප්‍රදේශවල රාජ්‍ය ආයතන පවා වසා දැමිය යුතු බවයි. සෞඛ්‍ය කාර්යාල, පොලිසිය වැනි ස්ථාන හැරුණු විට අන් ආයතනවට එහි සේවකය සේවිකාවන් සීමා සහිතවව හෝ පැමිණීම කොරෝනා අවදානම වැඩිවීමට හේතුවක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වාදෙති.

Related articles

Recent articles

spot_img