7.2 C
New York

“වරායේ තත්ත්වය දරුණුයි. හැකිතරම් පාලනය කරනවා” – සභාපති

Published:

කොළඹ වරාය අවට ප්‍රදේශ‌ේය කොරෝනා වයිරසය ව්‍යප්තව ඇති බැවින් එය වරාය කටයුතුවලට ද දැඩි තර්ජනයක් වී ඇති බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක පවසයි.

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව අද (29) සවස කියා සිටියේය. 

ඔහු පවසන්නේ කොරෝනා දෙවැනි රැල්ලේ දී පෑළියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණය, බ්ලූමැන්ඩල් ප්‍රදේශය, මෝදර වැනි වරාය අවට ස්ථානවල වරායේ සේවකයන් නවාතැන් ගෙන සිටීම හා වරායට සේවා සපය බොහෝ පිරිසක් සිටීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම ඉතා අසීරු කටයුත්තක් බවයි

“අපි මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අපේ ආරක්ෂක අංශ විසින් ලබාදෙන සියලු දේ උපරිමයෙන් සිදුකරනවා. නිවෙස්වලින් එය අය අපි වෙන් කර තබනවා. ඔවුන් පරිශ්‍රයට ඇතුළුවන තැන සිට සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරනවා. දිනපතා යන එන සියලු දෙනාගේ තොරතුරු ලබාගනිමින් ඔවුන් පරීක්ෂා කරනවා. නමුත් මේ අතර රිංගා යන අයත් ඉන්නවා. එවැනි අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.” යෙනුවෙන් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.  

Related articles

Recent articles

spot_img