7.2 C
New York

මහර බන්ධනාගාරයේ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට

Published:

මහර බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිදෙනකු තුවාල ලබා ඇත. අද (29) සවස ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට යාමේ දී මෙමෙ වෙඩි තැබීම සිදුව තිබේ.

බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් විසින් මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති කිරීම මත, බන්ධනාගාර නිලධාරීන් විසින් බලය පාවිච්චි කිරීමක් සිදුකර තිබෙනවා. එම බලය පාවිච්චි කිරිමේ දී එක් රැඳවියක් ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. තුවාල ලබා ඇති රැඳවියන් මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. විශේෂයෙන් බන්ධනාගාරයේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා රාගම පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 5ක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා. එමෙන්ම විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා තිබෙනවා. බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීමට එම පිරිස යොමු කරනවා.“

Related articles

Recent articles

spot_img