spot_img
spot_imgspot_img

කොරෝනා ආරම්භ වුණේ චීනයෙන් නොවන බව චීනය කියයි

පුවත්

විදෙස්

සමස්ථ ලෝකයේම සියලු කටයුතු අඩපණ කළ කොරෝනා වසංගතයේ ආරම්භය පිළිබඳ චීනයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

චීනය පවසන්නේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තාවූයේ චීනයේ වූහාන් නගරයෙන් වුව ද එහි නිජභූමිය වූහාන් යැයි පැවසීම දෝෂ සහගත බවයි. පසුගිය කාලයේ නගරය පුරා කළ පර්යේෂණවලින් ආනයනික ආහාර අසුරන මත තිබී කොරෝනා වෛරසය හමුවූ බව ද චීනය පවසයි. ඔවුන් පවසන්නේ ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් ගෙන් වූ ආයතනික ආහාර පවතින බවයි. එබැවින් තම රටට වෙනත් රටකින් කොරෝනා පැමිණ ඇති බව චීනය පවසයි.

රෝගයේ ආරම්භය පිළිබඳ නව ප්‍රවේශයක් යටතේ සොයාබැලිය යුතු බව චීනය අවධාරණය කරයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා වයිරසය චීනයෙන් මතු නොවූ බව පැවැසීම කාල්පනික අදසක් බවයි. එහි සේවා අංශ ප්‍රධානි වෛද්‍ය මයික් රයන් පවසන්නේ වයිරසය මුලින්ම මිනිසුන්ට ආසාදනය වීම ආරම්භ වූයේ චීනයෙන් බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙන බවයි. ඔහු පවසන්නේ චීන රාජ්‍ය මාධ්‍ය කොරෝනා වයිරසය චීනට පෙර වෙනත් රටවල තිබූ බවට මතයක් ගොඩනැගීමට උත්සාහ ගන්නා බවයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ දී චීනයට පෙර යුරෝපයේ ඇතැම් රවටල වයිරසය තිබූ බවට මේ වනවිට පර්යේෂණ වාර්තා ද ඉදිරිපත් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!