-4.1 C
New York

ගාල්ලේ දී සෞඛ්‍ය නීති කැඩූ 62ක් අත්අඩංගුවට

Published:

මුඛ ආවරණ නොමැතිව සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් ගාල්ල නගරයේ සැරි සැරූ පුද්ගලයන් 62ක් අද (29) උදෑසන අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

කොරෝනා වසංගත අවදානය හේතවෙන් මේ වනවිට නීතිගත කර ඇති සෞඛ්‍ය නීති අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවට උපදෙස් දී තිබිය දී ඇතැම් පුද්ගලයන් එම නීති කඩ කරන බැවින් මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා පවසයි.

මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදි ගාල්ල මූලස්ථාන පොලිසියේ කොරෝනා මර්ධන අංශය විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී

(සාහිත ගම්මම්පිල)

Related articles

Recent articles

spot_img