කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන් භූමදානය ඉඩ නොදීම විකාරයක් බවට අධිකරණ අමාත්‍ය අලි සබ්රි සිය facebook ගිනුමේ සටහනක් තබා තිබේ.
භූගත ජල මට්ටම ඉහළ, වැඩි වර්ෂාපතනයක් ද සහිත රටවල් ද ඇතුළු ලෝකයේ රටවල් 194ක් කොරෝනා මළ සිරුරු භූමදානයට ඉඩ දී තිබිය දී ශ්‍රී ලංකාවේ අවසරයක් නොදීම පුදුමයක් බව ද හෙතෙම සඳහන් කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරු සංවිධානයත් කොරෝනා ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම පිළිගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ශ්‍රී ලංකාවෙන් මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ මේ සම්බන්ධයේන මුස්ලිම් සමාජයෙන් බරපතල විරෝධයක් මතුවෙමින් පවතින බවයි.
කොරෝනා හේතුවෙන් පසුගිය දා මියගිය මාළිගාවත්තේ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ දේහයක් ආදාහනය කිරීමට පෙට්ටියක් හෝ ඒ වෙනුවට මුදල් හෝ ලබාදෙන ලෙස රෝහලෙන් දැනුම් දුන් අවස්ථාවක දී ඥාතීන් අදාල ඉල්ලීමට විරෝධය පළකර ඇතැයි ද අමාත්‍යවරයා පවසායි. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මෙවැනි සිදුවීම් ගණනාවක් පසුගිය දිනවල වාර්තා වූ බවයි
සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් බොහෝ ඉල්ලීම් ලැබී තිබෙන නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවයි.