spot_img

කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ 02ක තොරතුරු

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනයේ බලපෑමෙන් මියගිය බවට තහවුරු කරගත් තවත් පුද්ගලයන් දෙදෙනකු පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මීට සුළුවේලාවකට පෙර නිකුත් කරන ලදී.

එහි දැක්වෙන්නේ කොළඹ 02 පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයකු නොවැම්බර් 26 වැනි දින කොළඹ ජාතික රෝහලට ඇතුළතත් කරනවිට මියගොස් සිටි බවයි. මෙම තැනැත්තාගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ අධි රුධිර පීජනය සමග කොරෝනා ආසාදනයෙන් නිධන්ගත වකුගඩු රෝගයක් උත්සන්න වීමයි.

මියගිය අනෙක් පුද්ගලයා කොළඹ 08 පදිංචි 96 හැවිරිදි කාන්තාවකි. ඇය ඊයේ (27) නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇදුම සමඟ ඇතිවූ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

අද (28) වාර්තා කළ එම මරණ දෙකත් සමඟ රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ මරණ සංඛ්‍යාව 109කි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා බවට හඳුනාගත් වකුගඩු ආබාධයක් තිබූ කාන්තාව ඊයේ (27) හෝමාගම රෝහලේ දී මියගිය අතර ඒ මරණය පිළිබඳ මෙතෙක් රජය විසින් ප්‍රකාශයට පත්කර නැත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles