පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ යම් අඩුවක් පෙන්වූ ප්‍රදේශවලින් ද යළි කොරෝනා ආසාදිතයන් වාර්තාවීමේ තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බැවින් කොරෝනා අවදානම් තත්ත්වයක් යළි හටගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා අනු පොකුරු නිර්මණය වීමේ අවදානමක් තිබෙන බවයි. මෙවැනි තත්ත්වයක් තුළ කොරෝනා පාලනය කිරීමේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
විශේෂයෙන් ම කොළඹ මහා නගර සභා සීමාවෙන් දිගින් දිගටම ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා මහත් වෙහෙසක් දැරීමට සිදුව ඇති බව පෙනෙවාදෙන උපුල් රෝහණ වැඩිදුරටත් කියා සිටියේ නව ආසාදිතයන් හඳුනාගන්නා ප්‍රදේශවල ජනතාව සංචරණ කටයුතු සීමා නොකළහොත් ඉතා භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.