-2.5 C
New York

ඇමැති නිල නිවාස අර්බුදයක්. කොළඹ පදිංචි අයත් නිවාස අරන්

Published:

ඇමතිවරුන්ට නිල නිවාස ලබාදීමේ ගැටලුවක් පැනනැගී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු 45 දෙනකු පමණ නිල නිවාස ඉල්ලා ඇති නමුත් රජය සතුව ඇත්තේ ඇමැති නිල නිවාස 30ක් පමණි. මේ හේතුවෙන් නිල නිවාස ඉල්ලා සිටින සියලු දෙනාට ලබාදීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

නිල නිවාස ඉල්ලා ඇති කැබිනට් අමාත්‍යවරු සංඛ්‍යාව 21කි. ඉන් 20 දෙනකුට නිල නිවාස ලබා දී තිබේ. රාජ්‍ය අමාත්‍යවරු 24 දෙනකු නිල නිවාස ඉල්ලා ඇති අතර ලබා දී ඇත්තේ 10 දෙනකුට පමණි.

විපක්ෂයේ ප්‍රධාන තනතුරක් දරණ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ද නිල නිවසක් ඉල්ලා ඇතත් මෙතෙක් ලබා දීමට හැකියාවක් ලැබී නැත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරු කිහිප දෙනකු ද නිල නිවාස හිමිවූ කැබිනට් අමාත්‍යවරු අතර සිටින බවත් නිල නිවාස හිමිනොවූ රාජ්‍ය ඇමතිවරු කිහිප වතාවක්ම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

පසුගිය රජයේ සිටි අමාත්‍යවරු තිදෙනෙක් මෙතක් නිල නිවාස භාර දී නැත.

Related articles

Recent articles

spot_img