spot_img
spot_imgspot_img

ගාල්ලේ සමූපකාර රෝහලත් සෞඛ්‍ය නීති කඩයි

පුවත්

විදෙස්

ගාල්ල සමූපකාර රෝහලේ ද රෝගී සත්කාරක සේවාවල දී නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේ නැත.

වෛද්‍යවරුන්ගෙන් වේලාවන් ලබාගෙන පැමිණෙන රෝගීන් අත් සෝදවා, ශරීර උෂණත්වය ද පරීක්ෂා කර මුඛ ආවරණය පැළඳගන්න යැයි උපදෙස් දී ඇතුළු කළ ද ඔවුන් වෛද්‍යවරු එනතුරු සිටින්නේ එකම රංචුවක් වශයෙනි.

මෙම ඡායාරූපය ගාල්ල සමූපකාර රෝහලේ දී ඊයේ (27) සවස රැගෙන අප වෙත පාඨකයකු විසින් එවා තිබිණි. සමූපකාර ක්‍රමය යටතේ පවත්වාගෙන යන පොදු ජනතා සාමාජිකයන් හා කොටස්කරුවන් විසින් ඡන්දයෙන් පත්කරගන්නා අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වන රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වගකියනු ලබන ආයතනයක් ලෙස සමූපකාර රෝහල වසංගත රෝග තත්ත්වයක දී මීට වඩා වගකීමෙන් කටයුතු කිිිරීම අවශ්‍ය නොවන්නේ දැයි අපගේ පාඨකයෝ ප්‍රශ්න කරති.

මෙහි විකිරණ ඒකකයට පසුගිය දිනක ගිය අප පාඨකයකු ලියා එවා තිබුණේ ඔහු තම මහුණේ x-ray පිටපතක් ගැනීමට ගිය බවයි. ඔහු ඇතුළුවීමට පෙර වෙනත් අයකුගේ x-ray පිටපතක් ගත්තා දැයි ඔහු දන්නේ නැත. තම මුඛ ආවරණය ගලවා මුහුණ යන්ත්‍රයට තබා පිටපත් ලබාගත් බවත් මද වේලාවක් එහි රැඳී සිටින අතරතුර ඊළඟ රෝගියා පැමිණි බවත් ඔහු කියයි. එම රෝගියා ද ඒ ආකාරයෙන් ම x-ray යන්ත්‍රයට මුහුණ තැබූ බව ද ඔහු අප සමග කීවේය. මේ දෙදෙනාගේ x-ray පිටපත් ගන්නා අතර කාලයේ දී යන්ත්‍රය පිරිසිදු කර නැත.

මෙය සමූපකාර රෝහලේ පමණක් නොව සියලුම රෝහල්වල තත්ත්වය විය යුතුයි. මේ කොරෝනා අවදානම් කාලයේ දී රෝහල් කටයුතු කළ යුතු වන්නේ ඒ ආකාරයෙන් ද යන ප්‍රශ්නාර්ථයක් ඉතිරිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!