spot_img
spot_imgspot_img

පුතා සෙල්ලම් කළ වායු රයිෆලය පත්තු වී මව කරාපිටිය රෝහලේ

පුවත්

විදෙස්

දරුවකු වායු රයිෆලයකින් සෙල්ලම් කරමින් සිටිය දී එය ක්‍රියාත්මක වීමෙන් බරපතල තුවාල ලැබූ දරුවාගේ මව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි වෛද්‍යවරු කියති.

මෙලෙස තුවාල ලබා ඇත්තේ සියඹලාණ්ඩුව පදිංචි දිලීකා සුරංගි නමැති (37) කාන්තාවකි. අනතුර සිදුව ඇත්තේ 26 වැනි දා සවස 5.00ට පමණ බව පොලිසිය පවසයි.

ඇය තම සැමියා සහ පුතු සමග සෙල්ලකතරගම, තණමල්විල මාර්ගයේ කරිවිලේ ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට සහභාගීවීමට පැමිණ සිටිය දී මෙම අනතුර සිදුව ඇත. ඇයගේ 07 හැවිරිදි පුතු එම නිවසේ තිබූ වායු රයිෆලයක් ගෙන සෙල්ලම් කිරීමේ දී එය ක්‍රියාත්මක වී එහි උණ්ඩය මවගේ ඇසට ඇතුළු වී තිබේ.

බරපතල තුවාල සහිතව කතරගම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට රෝහලටත් ඉන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලටත් මාරු කර යවා තිබේ.

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු පවසන්නේ ඇසට ඇතුළු වූ වායු රයිෆල උණ්ඩය ඇගේ මොළය දක්වාම ගමන්කර ඇති බවයි. මේ හේතුවෙන්  ඇගේ හිසේ ශල්‍ය කර්මයක් සිදුකිරීම පවා ඉතා අසීරු බව වෛද්‍යවරුන්ගේ මතය වී ඇත.

ඇගේ තත්ත්වය බරපතල බව ද වෛද්‍යවරු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!