-0.7 C
New York

මෙරට ලාබාලත ම ආසාදිතයා අටළුගමින්. වයස දින 05යි

Published:

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ දින 05ක් වයසැති බිළිඳකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවාගේ මවට ද කොරෝනා ආසාදනය වී තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ශ්‍රි ලංකාවෙන් වාර්තා වූ අඩුම වයස් කොරෝනා ආසාදිතයා වන්නේ මෙම බිළිඳා බවයි.

කොරෝනා ආසාදනය වී ඇති  27 හැවිරිදි මවත් බිළිඳාත් දෙදෙනාම මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඇය දරුවා ප්‍රසූත කර ඇත්තේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ දී ය. ඒ පසුගිය 21 වැනි දා ය. ඊට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන තිබීම හේතුවෙන් බිළිඳා උපත ලබා පස්වැනි දිනයේ පීසීආර් පරීක්ෂණයක් සිදුකර තිබේ. ඒ වනවිට බිළිඳාට ද කොරෝනා ආසාදනය වී තිබිණි. අද (28) වන විට බිළිඳාගේ වයස දින 08කි.

Related articles

Recent articles

spot_img