-2.5 C
New York

කොග්ගල ඇඟළුම් කම්හලක් වසා දමයි. සංචරණය සීමා කරන්නැයි ඉල්ලීමක්

Published:

සේවිකාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් කොග්ගල ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, තල්පේ පදිංචි තරුණියකි. ඇයගේ සැමියා පෙරේදා (26) කොරෝනා ආසාදනය වූ බවට තහවුුුුරු වීම හේතුවෙන් ඊයේ (27) උදෑසන ඇයගේ පීසීආර් පරීක්ෂණ සිදුකර තිබිණි.

මේ අනුව ඇය සේවය කරන කොග්ගල ඇඟළුම් කර්මාන්ත ශාලාව දින දෙකකට තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති අතර එහි සේවක සේවිකාවවන් සියලු දෙනාට නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස ද උපදෙස් දී තිබේ. ඔවුන් සඳහා පීසීආර් පරීක්ෂණ සඳුදා (30) සිදුකිරීමට නියමිතය.

කොග්ගල, හබරාදුව, තල්පේ ප්‍රදේශවල සංචරණය සීමා කරන ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img