සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) කොරෝනා ආසාදිත පුද්ගලයන් 08 දෙනකුගේ මරණ පිළිබඳ තොරතුරු නිකුත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි. එම මරණ 08ත් සමඟ ශ්‍රී ලංකාවේ දී කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණවල විස්තර පහත දැක්වෙයි.
- කොළඹ 13 පදිංචි 87 හැවිරිදි කාන්තාවක් 2020 නොවැම්බර් 23 වැනි දින නිවසේදී මියගොස් ඇත මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා සමඟ ඇති වූ හෘදයාබාධයකි
- කොළඹ 09 දෙමටගොඩ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මහරගම අපෙක්ෂා රෝහලේ සිට කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දී අද (27) මියගොස් ඇත. පිළිකා රෝගය සමග උග්‍රවූ කොරෝනා නියුමෝනියාව මරණයට හේතු වී ඇත.
- මරදාන පදිංචි 78 හැවිරිදි කාන්තාවක් 25 වැනි දින නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ හෘදයාබාධයකි
- කොළඹ 15 පදිංචි 36 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලෙන් අයිඩීඑච් රෝහලට යවා ඇති අතර අද (27) මියගොස් ඇත නිධන්ගත පෙනහළු රෝගයක් සමඟ කොරෝනා උග්‍රවීම මරණයට හේතුවයි.
- කොළඹ 02 පදිංචි 83 හැවිරිදි පිරිමි පුද්ගලයකු ඊයේ (26) නිවසේ දී මියගොස් ඇති මරණයට හේතුව කොරෝනා සමග ඇතිවූ හෘදයාබාධයකි
- කොළඹ 10 මාළිගාවත්ත පදිංචි 58 හැවිරිදි කාන්තාවක් ඊයේ (26) නිවසේ දී මියගොස් ඇත දියවැඩියාව, නිධන්ගත වකුගඩු රෝග තත්ත්වය සමඟ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මරණය සිදුව තිබේ
- කොළඹ 13 පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයකු 25 වැනි දින නිවසේ දී මියගොස් ඇත. ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහළු රෝගයක් සහ ඇදුම රෝගය සමග කොරෝනා උත්සන්න වීමයි
- කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි පිරීමි පුද්ගලයකු බන්ධනාගාර රෝහලේ දී 25 වැනි දින මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ උග්‍ර වූ වකුගඩු ආසාදනයකි.